ශ්‍රී ලංකා වගේ නිවර්තන කලාපීය රටක බල්ලන්ගේ කිනිතුල්ලන් පාලනය කරන එක ඉතාම අභියෝගාත්මක කාර්යයක් වෙන්නේ ඇයි?
- Countryside Vet
- Mar 31
- 2 min read
ගොඩ දෙනෙක් හිතන්නේ මේක පිරිසිදු කිරීම සම්බන්ධ ගැටළුවක් කියලා. ඇත්ත කාරණාව තමයි මේ පිටුපස තියෙන විද්‍යාත්මක සහ පාරිසරික සාධක. මේ කාරණාවේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්න ඕන කාරණාවක් තමයි කිනිතුල්ලන් ජීවන චක්‍රය.

1.) කිනිතුල්ලන්ගේ ජීවිතයෙන් 95%ක් ගතවෙන්නෙ “බිම” මිසක් “බල්ලා මත”නොවේ -
සාමාන්‍යයෙන් කිනිතුල්ලෙක් එක වරකට බිත්තර 2000 ඉඳලා 4000 විතර දානවා විතරක් නෙමේ, ලංකාවේ උණුසුම්, ආර්දතාවය ඉහළ පරිසර තත්ව යටතේ කිනිතුල් බිත්තර ඉක්මනට පුපුරලක් පැටව් එලියට එනවා. එයාලා ජීවන චක්‍රයේ විවිද අවස්තා පසු කරමින් පරිසරයේ ඉන්නවා. ඇත්තටම කියනවනම් අපිට පේන, බල්ලගේ ඇගේ ඉන්න කිනිතුල්ලන් ප්‍රමාණය කියන්නෙ ඇත්තටම පරිසරයේ ඉන්න කිනිතුල්ලන්ගෙන් සියයට පහක විතර ප්‍රමාණයක්. ඉතිරි සීයට අනුපහක්ම ඉන්නේ බල්ලගේ පිට පරිසරයේ. එයාලා බිත්ති වල සිදුරුවල, ගෙබිම, ලී බඩු වල, තණකොළ අතර, බිත්තර විදිහට, එහෙම නැත්නම් කීටයෝ විදිහට හෝ පිලව් විදිහට ජීවත් වෙනවා. එයාලා බල්ලගෙ ඇඟට එන්නේ එයාලගේ ජීවන චක්‍රයේ එක අවස්ථාවක් සම්පූර්ණ කරන්න විතරයි.
2.) නිවර්තන කලාපයේ නොනවතින ප්‍රජනනය-
ලංකාවේ තියෙන උණුසුම් සහ තෙතමනය තියෙන පරිසරය නිසා කිනිතුල්ලන්ගේ බිත්තර ඉක්මනට පුපුරලා පැටව් එනවා විතරක් නෙමේ, මුළු අවුරුද්ද පුරාම එයාලා බෝ වෙනවා. බල්ලෝ කීපදෙනෙක්ම ගෙදර ඉන්නවනම් එක බල්ලෙක්ගෙ ඉන්න එක කිනිතුල්ලෙක්ගෙන් එන බිත්තරවලින් මුළු පරිසරයම ආසාදනය කරන්න පුළුවන් විතරක් නෙවෙයි, අනිත් බල්ලන්ට ඇති වෙනකන්ම කිනිතුල්ලෝ බෝ කරන්න පුළුවන්. ඇත්තටම මේක ඇත්තටම විෂම චක්‍රයක්.
3.) නොසිදෙන කිනිතුලු බැංකු (Tick Banks)
ලංකාවෙදි අපිට හිදෙන්නෙ නැති කිනිතුලු බැංකුවක් තියෙනවා. ඒ තමයි වීදි / එහෙම නැත්තං නිදැල්ලේ යන බල්ලො. මෙයාල ඉතිං යන එන ගමන් එයාලගේ ඉන්න කිනිතුල්ලන් සහ ඒ හරහා කිනිතුලු බිත්තර දහස් ගණනක් අපේ පරිසරයට නිතරම නිකුත් කරනවා. ඒ හින්දා ඉතින් කිනිතුල්ලන්ගේන් නං ඉතින් නොනවතින සැපයුමක් තියෙනවා.
ඉතින් මේ හින්දා තමයි මං හැම වෙලාවේම කියන්නේ කෙටි කාලීන ෂැම්පු වර්ග සබන් වර්ග හරි වෙන මොකක් හරි කෙටි කාලීනව පාවිච්චි කරන ඖෂධ වර්ග කිසිම පලක් නැහැ සහ සල්ලි මුදල් අපතේ යැවීමක් කියලා. හේතුව තමයි ඒවගෙන් කිසිම පසු-බලපෑමක් (Residual Effect) එකක් නැහැ. ඒව මගින් ඒ වෙලාවට ඇගේ ඉන්න සීයට පහක් විතරක් ඉවත් කරලා දානවා ඇරෙන්න, අර පරිසරයේ ඉන්න සියයට අනූපහක් වෙච්ච කිනිතුල්ලන්ට කිසිම බලපෑමක් නෑ.
ඉතින් මොකක්ද විසඳුම?
මම හැම වෙලාවෙම නිර්දේශ කරන්නේ ඉහල කාර්යක්ෂම සහ දීර්ඝකාලීනව පවතින ප්‍රතිකාර වලට යොමු වෙන්න කියල. මේ දීර්ඝ කාලීනව පවතින ඉහළ කාර්යක්ෂමතාවයකින් යුත් බෙහෙත් වලින් ඔයාගෙ බල්ලා ඇත්තටම කිනිතුල්ලන්ට ඇවිදින උගුලක් බවට පත්වෙනවා. ඒ කියන්නේ බෙහෙත පාවිච්චි කරන වෙලාවෙ ඇඟේ ඉන්න කිනිතුල්ලන්ට අමතරව පරිසරයේ ඉදලා එයාගෙ ඇඟට එන කිනිතුල්ලනුත් මර්ධනය කරනවා. ඒ මගින් අඛණ්ඩ ආරක්ෂාවක් ලබා දෙනවා. ඇගේ ඉන්න කෙනෙකුල්ලොත් විතරක් නෙවෙයි පරිසරයේ ඉන්නවා කිනිතුල්ලන්ගෙනුත් සෑහෙන ප්‍රමාණයක් ඉවත් කරන්න දායකත්වයක් ලබා දෙනවා. ඒ මගින් එයාලගෙ ජීවන චක්‍රයා කඩල දානවා. ඒ කියන්නේ සතා ජීවත් වෙන පරිසරය පිරිසිදු කරන්න දායක වෙනවා.
මොනවද මේක කාලීන පවතින කිනිතුල්ප්‍රතිකාර වර්ග?
1.) Spot-on එහෙමත් නැත්නම් බෙල්ල පිටිපස්සට දාන වර්ගයේ ඖෂද
2.) චොක්ලට් පෙත්ත කියල සාමාන්‍යයෙන් හඳුන්වන Isoxazoline කාණ්ඩයට අයත් පෙති වර්ග
මේ දෙක ඇරුණට පස්සේ පාවිච්චි වෙළඳපළේ තියෙන අනෙකුත් කිනිතුල් ප්‍රතිකාර වර්ග නම් කාර්යක්ෂම ඖෂධ විදියට වැඩ කරලා අපිට අවශ්‍ය කරන ප්‍රතිඵලය කිසිම වෙලාවක ලබා දෙන්නේ නැහැ.
කිනිතුල්ලො කියලා කියන්නේ සුරතලාට කරදරයක් විතරක් නෙවෙයි. එයාව මරණයට පත් කරන්න පුළුවන් මාරාන්තික රෝග පතුරවන වාහකයෙක් නිසා, කෙටිකාලීන, අකාර්යක්ෂම, මුදල් අපතේ යවන විසඳුම් පාවිච්චි කරන්න උත්සාහ කරනවා වෙනුවට, විද්‍යාත්මකව තහවුරු කරපු දීර්ඝ කාලීන විසදුම් වලට යොමුවෙන්න.
මතක තියාගන්න ඕන කාරණාව තමයි ඔයාලගේ ගෙදර බල්ලො කීපදෙනෙක් ඉන්නවනම්, ඒ හැමෝටම මේ බෙහෙත් එකවර පාවිච්චි කරන එක තමයි සුදුසු. නැත්නම් වෙන්නේ එක්කෙනෙක්ගේ ඇඟේ ඉන්න කිනිතුල්ලො මර්දනය උනාට, අනිත් කෙනෙක්ගෙ ඇගේ තියෙන කිනිතුල් බැංකුව විසින් ඔයාගේ උත්සාහය අපතේ යවනවා.
.png)



Comments